සුබස

ගුරු දෙවි කුමරතුඟු මුනිදසුන් විසින් ඇරැඹි ‘සුබස’ හෙළ හවුලේ නිල සගනුව යි. මුල් වරට පළ වූ 1939 ජුලි 10 වැනි දා පටන් 1942 පෙබරවාරි 16 වැනි දා දක්වා ‘සුබසෙහි’ වෙළුම් තුනක් කුමරතුඟු මුනිදසුන් විසින් සැකැසිණි. අනතුරු වැ හෙළ හවුලේ නයු පදවියට පත් ජයන්ත වීරසේකරයන් විසින් සුබසෙහි සිවු වැනි වෙළුම සැකැසිණි. ඉන් පසු මේ දක්වා මැ හෙළ හවුලේ නයුවන් අතින් සැකැසෙන ‘සුබස’ නොයෙක් විටැ එළි දකී.