ඔබ සිටින්නේ
මුල් පිටුව > ලිපි

කුමරතුඟුන් ගේ පද බෙදුම් රීතිය

2010 මැයි මසැ 9 වැනි දා ඉරිදා සිළුමිණ පුන් කලසේ “කුමරතුඟුන් ගේ පද බෙදුම් රීතිය විදුහුරු ද?” යන මැයෙන් තිලකරත්න බණ්ඩා මහතා පළ කළ ලිපියේ අවසනැ මෙ බඳු අදහසෙක් වී යැ. * “කුමාරතුංග මුනිදාසයන් සිංහලයෙහි පද බෙදන ආකාරය පිළිබඳ නිශ්චිත රීතියක් සකස් කර තිබේ ද?” * “එතුමන් පද පිළිබඳ ව කර ඇති

ගොරවන්නට දෙදරවන්නට වුව ද අප ගේ වදන් පමණි!

හේමසිරි කුමාරණතුංග හෙළ බසට මේ යුගයේ දී ඉහළතම මෙහෙය කළ කුමරතුඟු මුනිදස්හු තම මෙහෙවර වඩාත් පුළුල් කරනු සඳහා සවිදහනක් ඇති කළ යුතු යැ යි සිතා, 1941-1-11 දා පාණදුරේ පල්ලිමුල්ලේ සිය නිවෙසට (හෙවණ) බස් ළැදියන් පිරිසක් කැඳවා ගත්හ. ජයන්ත වීරසේකර, රැපියල් තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, වෙල්ලාල ජයමහ, අරීසෙන් අහුබුදු, වෙ.ම. පෙරේරා ආදි වියත්හු

හෙළ ගී මඟ මල් ගැන්වූ හෙළ හවුල

සුනිල් සරත් පෙරේරා කුමාරතුංගයෝ 20 වන සියවසේ මෙරට විසූ මහා දාර්ශනිකයෙකි. සිංහල ව්‍යාකරණය විධිමත් කිරීම, සාහිත්‍ය විචාරය ශාස්ත්‍රීය කර ලීම හා සාහිත්‍ය නිර්මාණකරණය පිබිදවීම යනාදි විවිධ අංශ කෙරෙන් එතුමන්ගේ දාර්ශනික දෘෂ්ටිය පැහැදිලි වෙයි. කුමාරතුඟයන්ගෙන් දේශීය සංගීතය හා ගීත සාහිත්‍යයයේ අභිවර්ධනය උදෙසා ද ඉටු වූයේ අද්විතීය මෙහෙවරකි. ඔහුගේ අනුදැන්ම හා මඟපෙන්වීම

වියරණය වෙනුවෙන් හෙළ හවුල ඉටු කළ සේවාව

අ. ආ. ගුණතිලක “රීතියක් නීතියක් නැති ජන සමාජය මෙන් මැ භාෂාව ද අවුලින් අවුලට වැටෙයි. සිංහල භාෂාවට මේ විපත්තිය එබී සිටී. වළකන ප්‍රයත්නයක් දැන් මැ වුවමනා යැ.” මේ කුමාරතුංග මුනිදාසයන් 1937 වසරේ සිය 'ව්‍යාකරණ විවරණය' නමැති ග්‍රන්ථය ආරම්භ කරමින් එහි සංඥාපනයෙහි මුලින් මැ යෙදූ වැකි කීපයෙකි. “යම් බසෙක් නොදියුණු නම්

භාෂා කේන්ද්‍රීය ජාත්‍යනුරාගයෙන් බිහි වූ හෙළ හවුල

K. N. O. ධර්මදාස මානව ඉතිහාසයෙහි ඒ ඒ ජන පිරිස් ඒකරාශි වීම නොයෙක් සංස්කෘතික අරමුණු කේන්ද්‍ර කොට ගෙන සිදු වී ඇති බව ඉතිහාසයෙන් පෙනේ. ඒ අතර ආගම සුවිශේෂ තැනක් ගෙන ඇති අයුරු මානව වර්ගයාගේ ඉතිහාසය පිරික්සන විට පෙනෙන්නකි. එසේ ම භූමිය, තමන් වෙසෙන ප්‍රදේශය මමායනයෙන් සලකා එය කේන්ද්‍රීය වස්තුව ලෙස

නිසි ලෙස නොවිමැසුණු හෙළ හවුල් කවි මඟ

ශ්‍රීනාත් ගණේවත්ත කාව්‍ය යනු ඉතා පුළුල් අරුතක් හඟවන වදනෙකි. සියලු කලාවල පදනම වනුයේ කාව්‍යාත්මක භාවය යි. එ වුව ද, කාව්‍ය නාමයෙන් විශේෂයෙන් හැ‍ඟෙන්නේ සාහිත්‍යාත්මක වූ කලාව යි. ‘වාක්‍යං රසාත්මකං කාව්‍යං’, ‘ශබ්දාර්ථෞ සාහිතෞ කාව්‍යම්’ වැනි අර්ථකථනවලිනුදු එ බව මැනැවින් විශද වේ. කල් යත් ම, මේ ‘කාව්‍ය’ යන්නෙහි අර්ථය තව ද පටු

සුබස් මඟ එකලු කොට සත් සැට වසක් සැපිරූ හෙළ හවුල

මෑත යුගයේ සිංහල භාෂාව පිළිබඳ විමර්ශනාත්මක ව තොරතුරු විමසන කවරකුට වුව ද හෙළ හවුල ගැන සඳහන් නො කැර ඒ කාර්යය මැනැවින් ඉටු කළ නොහැකි යැ යි සිතමි. මේ දක්වා පුරා හැට එක් වසරක් සිංහල භාෂාව වෙනුවෙන් හෙළ හවුල ඉටු කැර ඇති මෙහෙය ඒ පිළිබඳ තතු දන්නා කිසිවකුට සුළු කොට තැකිය

“කුමරතුඟු මඟ මගවු”

2000. 08. 06 වැනි දා ඉරිදා දිවයිනේ,  මහාචාර්ය සුචරිත ගම්ලතුන් ගේ ‘සති සිතුමිණි’ තීරුව “මුනිදසුන් සිය මුළු මහත් ජීවිතය කැප කළේ වත්මන් සිංහලය ඇද නැති නො වැනෙන බල සම්පන්න ඔද තෙද සපිරි බසක් බවට පත් කිරීමට ය. අද හොඳ සිංහලය කොහි ද? පාසලේ පිරුවනේ හා සරසවියේ හඩු සිංහලය ම උගැන්වේ. සරසවිවල කථිකාචාර්ය,

බස රැක-ගත් හෙළ හවුල

හෙළ හවුලට හැත්තෑ පස් වසරක් සැපිරීම නිමිත්තෙනි. නිවැරැදි සිංහල භාෂා ව්‍යවහාරය නො කෙලෙසා ඉදිරියටත් පවත්වා-ගෙන යාමේ අරමුණෙන් 1941 ජනවාරි මස 11 වැනි දා කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් ගේ මූලිකත්වයෙන් ඇරැඹි හෙළ හවුලට මේ වසරේ ජනවාරි 11 වැනි දාට හැත්තෑ පස් වසරෙක් සැපිරිණි. නිවැරැදි බස් වහර රැකැ-ගැනීමේ පිවිතුරු චේතනාවෙන් ඊට ම කැප වී ක්‍රියා

බස කෙලෙසීම

2013 සැප්තැම්බර 08 වැනි දා සිළුමිණ පතට හේමසිරි කුමාරණතුංගයන් සැපැයූ ලිපියෙකි. http://www.silumina.lk/punkalasa/20130908/_art.asp?fn=ar1309088 බස ජාතියක ජීවය යි. බසින් පිරිහුණු ජාතියක් කිසි මැ කලෙක සියත් වැ හිස ඔසවා නැඟී සිටින්නේ නැත. යටත් විජිත යුගයේ සිංහලයට ද වූ මේ විපත දුටු දෑ හිතැති පිරිස බස ඔසවා ලීමෙහි නිරත වූහ. ඒ අතින් ගුරු දෙවි කුමරතුඟු මුනිදසුන්

Top